30.6 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

තල් ගසක් කැපූ පුද්ගලයෙකුගෙන් රුපියල් පහළොස් දාහක් බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ලබන (10) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගහ ගත කිරීමට මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා සිවිල් ඇඳුමින් සැරසී මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා රිචිවලම්පත්තුව ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වී තිබෙන අතර
එම අවස්ථාවේ මෙම පුද්ගලයා චෙන් සොවක ආධාරයකින් ගස ඉරමින් සිට තිබෙනවා.

පුද්ගලයා නිදහස් කිරීමට නම් රුපියල් තිස් දාහක මුදලක් පවශ්‍ය බව පොලිස් නිලධාරීන් විසින් පවසා ඇති අතර එම මුදල ලබා දිමට තල් ගස කැපූ පුද්ගලයා අසොහොසත් වී තිබෙන බව සඳහන්.

පසුව එම නිලධාරීන් පුද්ගලයාගෙන් රුපියල් පහළොස් දහසක් බලෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ