33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලිවෙයි

තම දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලිවෙයි

පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ අඩම්මන පදිංචි පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු මවක වු රෝහිනි මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.

සැමියාගෙ බේබදුකම හේතුවෙන් දරුණු ආර්ථික අපහසුතාවකින් සිටි මෙම මව තම කුඩා ඉඩමේ තිබු කජු ගසකින් කජූ කිලෝවක් සකසා ගෙන එය විකුණා දරුවන් දෙදෙනාට රාත්‍රි කෑම සකසා දීම සදහා වෙළදසලකට ගොස් ආපසු වෙල්යාය මැදින් නිවසට පැමිණෙන අතරතුර මෙසේ අකුණු සැරට ලක්වි මරණයට පත්වි ඇති බව කියයි.

අකුණු සැරට ලක්වු මෙම කාන්තාවට වයස අවුරුදු 9 ක දියණියක් හා අවුරුදු එකයි මාස තුනක කුඩා පුතකු සිටින බව සඳහන්.