― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ අයෙකුට අධිකරණයෙන් තහනමක්

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ අයෙකුට අධිකරණයෙන් තහනමක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා ඇති බවයි.

අදාල පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

අධිකරණය මගින් මෙසේ දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන සහාය වහාම නවත්වන ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

41 හැවිරිදි ජොනතන් නමැති මෙම පුද්ගලයා යළිත් සිය ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට උත්සහා කරන්නේ නම් ඔහුට එරෙහිව යුරෝ 100,000ක නැතහොත් පවුම් 88,000ක දඩ මුදලක් පැනවිය හැකි බවටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙම පුද්ගලයා දරුවන් 100කට අධික සංඛ්‍යාවකට පීතෘත්වය දී ඇති බවත් 2017 දී හෙළිව ඇති බවත්, මෙම හෙළි වීමෙන් අනතුරුව නෙදර්ලන්තයේ සාඵල්‍යතා සායනවලට ශුක්‍රාණු පරිත්‍යාගය තහනම් කර ඇති බවටත් ය.

එහෙත් ඔහුට එම තහනම පැනවුණ ද, ඔහු විදේශයන්හි හා අන්තර්ජාලය හරහා අවශ්‍ය පුද්ගලයින් වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවටත් හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන් හේග් අගනුවර අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු සිය ශුක්‍රාණු දුන් සියලුම සායනවල ලැයිස්තුවක් ලබාදෙන ලෙසත්, ඔහුගේ සියලුම පරිත්‍යාග ශුක්‍රාණු විනාශ කිරීමටත් කටයුතු කරන ලෙසයි.

මෙම පුද්ගලයා විසින් කාන්තාවන් බොහෝ ගණනක් නොමග යැවූ බවටත් හෙළිව තිබෙනවා. ලන්දේසි සායනික මාර්ගෝපදේශවල සඳහන් වන්නේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු පවුල් 12ක දරුවන් 25කට වඩා පියා යන නාමය නොගත යුතු බවයි.

නමුත් 2007 වසරේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට පටන් ගත් දා සිට මේ පුද්ගලයා දරුවන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් බිහි කිරීමට උදව් කර ඇති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා. මේ හේතුවෙනුයි අදාළ තහනම් නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ.