― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපරිභෝජනයට නුසුදුසු සහල් ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩාවක් වටලයි

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කළ මහා පරිමාණ සහල් ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබෙනවා.

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම ස්ථානයේ ගබඩා කර ඇති සහල් අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ දස ලක්ෂ අසූ දහසක් පමණ තිබෙන බව සඳහන්.

විදෙස් රටකින් ගෙනෙන ලද මෙම සහල් තොගය සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ගබඩා කර ඇති අතර එහි කෘමි සතුන්, ගුල්ලන්, පණුවන් වැනි සතුන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

මෙම සහල් පරීක්ෂාකර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.