26.7 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණේ ප්‍රදේශ රැසකට මී උණ

දකුණේ ප්‍රදේශ රැසකට මී උණ

දකුණු පළාතේ ප්‍රදේශ රැසක තුළ මී උණ රෝගය දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වසරේ ගතවූ කාලසීමාව තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 19ක් වාර්තා වී ඇති බවයි.

අපිරිසිදු ජලය, තෙත පස හෝ මඩ ආශ්‍රිත ඕනෑම කාර්යයක් සිදුකරනු ලබන පුද්ගලයින් මී උණ රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.