― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධිකරණ නියමයෙන් වෙඩුක්කුනාරි කන්දේ දේව පිළිමයක් තැන්පත් කෙරේ

අධිකරණ නියමයෙන් වෙඩුක්කුනාරි කන්දේ දේව පිළිමයක් තැන්පත් කෙරේ

වවුනියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා කන්දේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීම හින්දු චාරිත්‍රයන්ට අනුව සිදු කර තිබෙනවා.

වෙඩුක්කුනාරි කන්දේ ස්ථාපිත කොට තිබු ශිව දේව පිළිමය කිසියම් පිරිසක් කඩා ඉවත් කිරීමෙන් පසුව එහි පූජකවරුන් වව්නියාව අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමේදීයි ඉවත් කළ ශිව දේව පිළිමය වෙනුවට නව පිළිමයක් තැන්පත් කෙරුණේ.

‍අධිකරණ නියෝග මත ශිව පිළිමය හා අනෙකුත් පිළිම තැන්පත් කිරීමේ අවස්ථාවට හින්දු සංගම් නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියා.

පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, පොලිසිය හා අනෙකුත් ආයතන සඳහන් කර තිබුණේ වෙඩුක්කුනාරි කන්ද පුරාවිද්‍යත්මක ස්ථානයක් වන බැවින් අදාළ ස්ථානයේ නව ඉදිකිරීම් හෝ වෙනස්කම් සිදුකිරීමට අවසර ලබාදිය නොහැකි බවයි.

ඊට විරුද්ධව ප්‍රදේශවාසීන් හා කෝවිලේ පාලක සභාව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර, නඩු විභාගය පැවැත්වුණේ පසුගිය 27 වනදායි.

වෙඩුක්කුනාරි කන්දේ මීට පෙර ශිව ලිංගයක් පැවති ස්ථානයේ ශිව පිළිමයක් තැන්පත් කිරීමට අවසර ලබාදෙන අතර, අලුතින් කිසිදු ඉදිකිරීමක් ස්ථාපිත නොකරන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල කන්ද අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් ඝංඝාවාසයක් පවතින ස්ථානයක් වන බවත්, ඒ සම්බන්ධයෙන් වන ශිලා ලේඛන රාශියක් පවතින බවත් පුරාවිද්‍ය නිලධාරීන් පෙන්වා දෙනවා.

කෙස්වෙතත් නෙඩුන්කේනි ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ කන්ද හින්දු ජනතාවගේ ශිව කෝවිලක් පවතින ස්ථානයක් වන බවටයි.