අම්බලන්ගොඩ හිරේවත්ත ප්රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි.
අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන් විදුහල් අතර පැවති වාර්ෂික එක් දින කිකට් තරගය නැරඹීමට ගොස් එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.