29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැයි රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

මැයි රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

මැයි දින රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් හෙට (01) දිනයේ සූදානම් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ කොළඹ නගරය, නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශවල මැයි දින රැළි පැවැත්වෙන බවයි.

ඒ, අනුව එම ප්‍රදේශවල රථවාහන ගමනා ගමනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක්‌ යොමුකර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ නගරයේ හෙට (01) දිනයේ පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලිවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 3,500ක ප්‍රමාණයක් යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.