― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉහළ කොත්මලේ ජලාශයේ පුද්ගල මළසිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පුද්ගල මළසිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

ජලාශ වේල්ල ආසන්නයේ තලවකැලේ හොලිරුඩ් වත්ත ප්‍රදේශයේ ජලාශයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.