― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුකුළු මස් සහ බිත්තර මිල ගැටලුවට මේ වසර අවසානයට පෙර විසඳුම්

කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුවට මේ වසර අවසානයට පෙර විසඳුම්

කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුව මෙම වසර අවසානයට පෙර විසඳන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති කුකුළු ගොවින් හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (30) මේ බව සඳහන් කළා.

මේ අතර ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළේ අලෙවිය සඳහාත් අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දැනට වෙළඳපොළේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරෝභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.