― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews“Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

“Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.

කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් සහ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රදර්ශන කුටි 200කට වැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වූ අතර කාන්තා ව්‍යවසායිකාවන්ට වැඩි ඉඩක් විවෘත කරදී ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීම විශේෂත්වයක් විය.

ෂැංග්‍රිලා ග්‍රෑන්ඩ් බෝල් රූම් හි පැවති ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහඳ කථා බහක නිරත විය.

දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අළෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් දුන්නේය.