― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝක කම්කරු දිනය අදයි - කොළඹ මැයි රැළිවල ආරක්ෂාවට පොලිසියෙන් 3,500ක්

ලෝක කම්කරු දිනය අදයි – කොළඹ මැයි රැළිවල ආරක්ෂාවට පොලිසියෙන් 3,500ක්

137 වැනි ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.

කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ, මහනුවර සහ හැටන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

‘අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු’ යන තේමාව යටතේ මෙවර පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ මැයි දින රැළිය, ‘වැඩ කරන ජනතාවගේ අරගලය’ යන තේමාව යටතේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, ‘ජය ගමු’ යන තේමාව එම මැයි දින රැළිය පැවැත්වෙනු ඇති.

මේ අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලදී යි.

‘රට විකුණන ජන පීඩක දූෂීත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩ නගමු’ යන්න මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින තේමාව වී තිබෙනවා.

‘සවිමත් වෙමු, එක් වෙමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය අද (01) පැවැත්වෙන්නේ මහනුවරදීයි.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රධාන දිවයිනේ නගර කිහිපයක පැවැත්වෙන මැයි දින රැළි වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ, අනුව කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලිවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 3,500ක ප්‍රමාණයක් යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම අද දිනය තුළ කොළඹ නගරයේ විශේෂිත රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේ.