27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලිසැර වැදී තිදරු පියෙකු ජීවිතක්ෂයට

විදුලිසැර වැදී තිදරු පියෙකු ජීවිතක්ෂයට

යාපනය, කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අලුත්වැඩියා කරන ස්ථානයක දී විදුලිසැර වැදීමෙන් ඊයේ (30) සවස පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ යාපනය, ආත්තිසූඩු වීදිය ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ සෙල්වරාසා සුජිදරන් නමැති 40 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වාහන පෑස්සුම් කිරීමක් සිදුකරමින් සිටි අතර තුර අදාළ පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය,කෝපායි ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.