― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

හොරොව්පතාන – වව්නියාව A29 මාර්ගයේ ඊයේ (30) රාත්‍රියේ සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් ගවයන් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී පෙරළී යාමෙන් හොරොව්පතාන – වව්නියාව මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් 22 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත් වූ අතර, 19 හැවිරිදි වියේ පසු වූ තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනතුරින් ජීවිතක්ෂයට පත් 22 හැවිරිදි තරුණයා හමුදා සෙබළෙකු වන අතර, ඔහු අලුත්වත්ත, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ජීවිතක්ෂයට පත් 19 හැවිරිදි තරුණයා නිකවැව, හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.