― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තබා තිබෙනවා.

පේදුරුතුඩුව – මනල්කාඩු හා වල්ලිපුරම් අතර ප්‍රදේශයේදී මෙම ටිපර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බව සඳහන්. නමුත් අණ නොතකා ටිපර් රථයේ රියදුරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනතුරට ලක් කර පලා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එහිදී ටිපර් රථයේ පිටුපස රෝදයට වෙඩි තබා තිබෙනවා.

පසුව පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මෙම රථය බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති බවටයි.