― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ.

අද දිනයේ සිට ලබන 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම කියා සිටියේ.

වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.