25 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධන් හාරමින් සිටි 10කට වැඩ වරදී

නිධන් හාරමින් සිටි 10කට වැඩ වරදී

කරුවලගස්වැව, මුරැක්කුවටවන, කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පුරාණ වටිනාකමක් ඇති ස්ථානයක නිධන් හාරමින් සිටි 10 දෙනෙකු සමගින් ඔවුන් නිධන් හෑරීමට යොදා ගත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත්තේ පැය ගණනාවක් පුරා ඉතා සූක්ෂම මෙහෙයුමකින් පසුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි අධිකරණ කටයුතු සඳහා කරුවලගස්වැව පොලිසියට භාරදී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව අම්පාර කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබඳ ඉදිරි අධිකරණ කටයුතු කරුවලගස්වැව පොලිසිය සිදු කරයි.