― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළට

කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල ඇදහැලෙන අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටමද වේගයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරියා පැවසුවේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙහෙල්ගමු ඔය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

එම තත්වය මත අද (03) උදෑසන 6.30 වනවිට එම ජලාශයේ ජල මට්ටම අඩි 147යි අඟල් 07ක් පිරි ඇති බවත් එම ජලය ජල විදුලිය නිපදවීම සඳහා විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඇතුළු ජල විදුලි බලාගාර තුනකට මුදා හැරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.