27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බලපත්‍රය දැන් අන්තර්ජාලයෙන්

ආදායම් බලපත්‍රය දැන් අන්තර්ජාලයෙන්

රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහාද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලබා දී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඊ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන්ම තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් බැංකු කාඩ්පත් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඊ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබෙනු ඇත.