31.7 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මියයන විට 69 හැවිරිදි වියේ පසු විය. අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

මනෝ බාලා චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.