― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපෙම්වතියගේ දිවි තොර කර පෙම්වතා පලායයි

පෙම්වතියගේ දිවි තොර කර පෙම්වතා පලායයි

පල්ලෙකැලේ නත්තරම්පොත ප්‍රදේශයේ නිවසකදී පෙම්වතියට පහර දී ඝාතනය කර පළාගිය බව කියන පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන 36 හැවිරිදි නමැති අවිවාහක කාන්තාවක්.

ඊයේ (03) රාත්‍රී හෝ අද (04) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක කරනවා.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පල්ලෙකැලේ පොලිසිය විමර්ශන සිදු කරනවා.

මියගිය කාන්තාවගේ නිරුවත් මළ සිරුරේ තැලීම් තුවාල රැසක් දක්නට ඇති පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි.