30 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලියෙක් තවත් මිනිස් ජීවිතයක් බිලි ගනී

වන අලියෙක් තවත් මිනිස් ජීවිතයක් බිලි ගනී

අරලගංවිල යාය 03 ගම්මානයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි දෙදරු පියෙක්.

කිසියම් අවශ්‍යතාවක් සඳහා ඔහු අද අලුයම නිවස පිටුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ එහි සිටි වන අලියෙකු මෙම පුද්ගලයාට පහරදී ඇති බව හෙළිවී තිබෙනවා.

අනතුරුව සිරුර නිවෙස වටා රැගෙන ගොස් නිවෙසේ ඉදිරිපස දොර අසල දමා වන අලියා පළාගොස් ඇති බවයි නිවෙස් හිමියන් ප්‍රකාශ කළේ.

ඒ ආසන්න ප්‍රදේශයේ රැඳී සිටි වන අලියා පළවා හැරීමට වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව සඳහන්.