29 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉරිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉරිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ලංකාවට ආසන්නව නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත මෙම මස 07, 08 සහ 09 යන දිනයන්හිදී බස්නාහිර ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය වර්ධනය වීම සඳහා ලංකාව හරහා සුළං ගමන් කරන බවත් මේ නිසා මෙරට නිරිත දිග කොටසට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.