26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉරිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉරිදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ලංකාවට ආසන්නව නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත මෙම මස 07, 08 සහ 09 යන දිනයන්හිදී බස්නාහිර ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය වර්ධනය වීම සඳහා ලංකාව හරහා සුළං ගමන් කරන බවත් මේ නිසා මෙරට නිරිත දිග කොටසට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.