26 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරෝනා වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොරෝනා වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොරෝනා වැළදීමෙන් තවත්  මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

මෙම මරණ දෙක මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පැවැසීය. 

කිනිගම ප්‍රදේශයේ වයස්ගත කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසීය.