28.4 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය අනිද්දා

රජයේ සේවකයන් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය අනිද්දා

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛයක් ලබන සඳුදා නිකුත් කිරීමට නියමිතයි.

ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසර ලබාදුන්නා.

මේ අනුව තමන් තරග කරන මැතිවරණ කොට්ඨාශයේ රජයේ හෝ රජය සතු සංවිධානයක රාජකාරියේ නිරත වන්නේ නම් මැතිවරණ කොට්ඨාශයෙන් පිටත ස්ථාන මාරු කර රාජකාරියේ නිරත වීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී ඇත.

ඊට අදාළ චක්‍රලේඛය අනිද්දා නිකුත් කරන බවත් ඒ හරහා ඔවුන්ට මාසික වැටුප් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර පවසයි.