― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවායු බැලුනයක් නිවසක් මතට කඩා වැටී ගිනි ගනියි

වායු බැලුනයක් නිවසක් මතට කඩා වැටී ගිනි ගනියි

යාපනය වැලිවැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් දල්වා ගුවනට යවන ලද වායු බැලුනයක් නිවසක් මතට කඩා වැටී ගිනිගැනීමක් සිදුව තිබෙනවා.

කෝවිලේ වාර්ෂික උත්සවයේ දේව ප්‍රථිමා වැඩම කරවන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් බැතිමතුන් විසින් මෙලෙස විශාල වායු බැලුනයක් ගුවනට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

එය එම අවස්ථාවේ සාර්ථකව ගුවනට ගිය අතර පැය කිහිපයකින් අනතුරැව පේදුරුතුඩුව තුම්පලෙයි ප්‍රදේශයේ නිවසක් මතට අදාළ වායු බැලුනය කඩාවැටී ඇතැයි සඳහන්.

බැලුනය කඩාවැටීමෙන් නිවසේ වහලය මත ගින්නක් හටගෙන ඇති අතර පසුව එය ප්‍රදේශවාසීන් එක්ව එය නිවාදැමීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.