― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ පිරිසක් රෝහලේ

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ පිරිසක් රෝහලේ

එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8.4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී එකිනෙක ගැටී පෙරළීමෙන් අද (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, පිරිමි පුද්ගලයෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දැරියක් වන අතර ඔවුන් එකම පවුලේ අය බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් වයස අවුරුදු 08 ,31,39,70 සහ 72 යන වයස්වල පසුවන්නන්.

අනතුරින් තුවාල ලැබූ එකම පවුලේ පිරිස මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යළි අත්තනගල්ල ගම් ප්‍රදේශයට වෑන් රථයෙන් යමින් සිටියදී මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථය වෑන් රථයේ ගැටීමත් සමඟ මෝටර් රථය කැරකී ගොස් වම් පස යකඩ වටේ ගැටී පෙරළී ඇතැයි පොලිසිය පවසනවා.

වෑන් රථය ද ආරක්‍ෂිත වැටේ ගැටීමත් සමඟ ඒ තුළ සිටි වයස අවුරුදු 08ක කුඩා දැරියක් ජනේලෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවක් ද පිටතට විසි වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.