28 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙරහැර මැද්දේ අලියාගේ පිටින් බිමට වැටුණු නිලමේ රෝහලේ

පෙරහැර මැද්දේ අලියාගේ පිටින් බිමට වැටුණු නිලමේ රෝහලේ

ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරක අලියෙකු මත ගමන්ගත් නිළමේවරයෙක් ඉන් ඇද වැටී රෝහල් ගතකර තිබෙනවා.

පෙරහැර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් නිළමේවරයා මෙලෙස අලියා පිටින් වැටී ඇති අතර, එම අවස්ථාවේ වහාම ඔහු රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.