― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsIMF නියෝජිතයන් පිරිසක් හෙට දිවයිනට

IMF නියෝජිතයන් පිරිසක් හෙට දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඔවුන් හෙට (11) සිට ලබන 23 වනදා දක්වා මෙලෙස මෙරට සංචාරයේ නිරත වන බවටයි වාර්තා වන්නේ.

මෙම වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.

එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.