26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට පොහොර මිලදී ගන්න කූපන් එකක්

ගොවීන්ට පොහොර මිලදී ගන්න කූපන් එකක්

යල කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් කූපනයක් වශයෙන් ගොවීන්ට ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් ලබාදෙන බවයි එහි ලේකම් ගුණදාස සමරසිංහ පැවසුවේ.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබුණේ පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට වන නමුත් ගිණුම්වල පවතින ගැටලු කිහිපයක් නිසා කූපන් ලබා දීමට තීරණය කර ඇත.

මේ වනවිටත් කූපන් මුද්‍රණයට ලබා දී ඇති අතර මුද්‍රණ කටයුතු සිදු කිරීමට සතියක් පමණ ගත වන බවත් ඉන් පසුව බෙදා හැරීම ආරම්භ කරන බවත් ලේකම්වරයා පැවසීය.