28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsධාතුසේන රජුගේ ඔටුන්නක් සෙවූ පිරිසකට වැඩ වරදී

ධාතුසේන රජුගේ ඔටුන්නක් සෙවූ පිරිසකට වැඩ වරදී

සේරුනුවර පොලිසිය විසින් ලද තොරතුරක් මත ස්කෑන් යන්ත්‍රයක් උපයෝගි කරගෙන සේරුනුවර කැලයක ධාතුසේන රජුට අයත් යැයි කියන ඔටුන්නක් සොයමින් සිටි පුද්ගලයින් 6දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම, ඇලපාත, බුලත්සිංහල, ගමිපහ, කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පිරිස අතර හතළිස් පස් හැවිරිදි යකැදුරකු ද සිටින බවත් පැරණි පුස්කොළ පොතක තිබුණු විස්තරයක් අනුව ඔටුන්න සොයා කැලයට පැමිණි බව සැකකරුවන් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය විසින් වැඩිපුර විමර්ශන ක්‍රියාත්මකයි.