23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර දැරිය රැඳී සිටි හෝටලයේ ප්‍රමිතිය සොයයි

කළුතර දැරිය රැඳී සිටි හෝටලයේ ප්‍රමිතිය සොයයි

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ඊට අදාළ නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කළේය.

ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ.

යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.