28.9 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියත්ට සහ චන්දිකට ඇප

පියත්ට සහ චන්දිකට ඇප

පහරදීමේ සිදුවීමකට අදාලව පොලිසිය විසින් ඊයේ(10) අත්අඩංගුවට ගත් චන්දික අබේරත්න සහ පියත් නිකේෂල යන අය අද(11) කඩුවෙල
මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

අරගලයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂලට ඊයේ (10) සවස කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධියට අදාලව කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබූ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත පියත් නිකේෂල යන අයද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනිමට කටයුතු කළා.