― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකළුතර දැරිය මියයෑමේ සිද්ධියට අදාල පරීක්ෂණ CIDයට

කළුතර දැරිය මියයෑමේ සිද්ධියට අදාල පරීක්ෂණ CIDයට

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවිය මියයෑමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

සිසුවියගේ අභිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳීසිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද අද අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බවටය.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.