පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.
ඒ අනුව ඔහුට ලබන මැයි 13 වනදා සිට සැප්තැම්බර් මස 23 වනදා දක්වා විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය.
එමෙන්ම පාඨලී චම්පික රණවක මන්ත්රීවරයාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සඳහා ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද විනිසුරුවරයා එහිදී දැනුම් දී තිබේ.