― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsකළුතර ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

කළුතර ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මියයි අද (12) මෙම නියෝග ලබාදුන්නේ. කළුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන අතරතුර සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදු කර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී ලැබුණු නිර්දේශ මත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර ගුරුවරයා ලබන 15 වනදා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසටයි. තම සේවාදායකයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා සඳහන් කර තිබුණා.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය නියෝග කළේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. නඩු විභාගය ලබන 26 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.