― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඑක්දරු මව ඝාතනය කර හිටපු පෙම්වතාත් සියදිවි නසාගෙන

එක්දරු මව ඝාතනය කර හිටපු පෙම්වතාත් සියදිවි නසාගෙන

කාන්තාවක් ඝාතනය කර පුද්ගලයෙකු ද සියදිවි හානිකර ගැනීමේ පුවතක් පරයනාලන්කුලම, නිලියාමොටෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසක රැඳී සිටි විවාහක කාන්තාවක් අද (13) අලුයම් කාලයේ නිවස තුළ දී වෙඩි තබා ඝාතනය කර අනතුරුව ඝාතනය සිදුකළ සැකකරු ද වෙඩි තබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක එක්දරු මවක් වන අතර, ඝාතනය සිදු කිරීමෙන් පසු සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 24ක නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඝාතනයට ලක්වූ කාන්තාව විවාහ වීමට පෙර සැකකරු සමඟ පැවති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාවගේ නිවස තුළදීම සැකකරු විසින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු අද (13) උදෑසන සැකකරු ද නිලියාමොටෙයි කෝවිල අසලදී වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ හා වව්නියාව රෝහල වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.