― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹ නගරය අවට විශේෂ ආරක්ෂාවක්

කොළඹ නගරය අවට විශේෂ ආරක්ෂාවක්

කොළඹ නගරය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලය, ලංකා බැංකු මාවත ඇතුලු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි සඳහන්.

ඊයේ රාත්‍රී සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය වසරේ දිවයින තුළ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුකොට ගෙන අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා ප්‍රමුඛතාවය ලබාදී ක්‍රියා කිරීමේ අවස්ථා අවහිර වීම හේතුවෙන් දිවයින තුළ නීති විරෝධී අවි ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අවශ්‍ය කරන සැකකරුවන් නිදැල්ලේ සැරිසැරීම හමුවේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සිදු වීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇති බවට නිරීක්ෂණය වන බවයි.

ඒ අනුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම, අවශ්‍ය කරන සැකකරුවන් හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම, ගිනි අවි, මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම හා එවැනි ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කිරීමට පියවර ගෙන ඉහත ප්‍රවණතාවයන් පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් දිවයින තුළ ක්‍රියාත්මක කළ යුතු බැවින් එහි මූලික පියවරක් වශයෙන් ඊයේ (12) සවස 6 සිට ලබන සඳුදා අලුයම 6 දක්වා අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් හා මාර්ග බාධක ක්‍රියාත්මක කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

සෑම පොලිස් ස්ථානයකම යොදවා ගත හැකි උපරිම නිලධාරීන් සංඛ්‍යාවක් සහභාගී කරවාගෙන සියලුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි දිවා රාත්‍රී අඛණ්ඩව මාර්ග බාධක ස්ථාපිත කර සෝදිසි කිරීම් සිදු කිරීම කළ යුතු බවටයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

කාර්යාලවල රාජකාරියේ නිරත නිලධාරීන් උපරිම ප්‍රමාණයක් මෙම රාජකාරී සඳහා සහභාගී කරවා ගත යුතු බවට ද දැනුම්දී තිබෙනවා.

මාර්ගයේ ගමන් කරනු ලබන සෑම වර්ගයකම වාහන ඇතුළත් වන පරිදි අහඹු ලෙස තෝරාගෙන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම සඳහා පියවර ගැනීම කළ යුතු අතර පොලිස් බල ප්‍රදේශවල අපරාධ බහුලව සිදුවන ස්ථාන හඳුනාගෙන අපරාධ වැළැක්වීමේ මුර සංචාර යෙදවීම කළ යුතු බව ද පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට යොමු කළ ලිපියේ සඳහන්.