― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ - උදය ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ – උදය ගම්මන්පිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධනහල් වෙත ඒම තුළ තෙල් සංස්ථාවට තව තවත් පාඩු විඳීමට සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඓOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබූ අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් දක්වා ඉහළ යන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 124ක් දක්වා ඉහළ දමා ඇත.