28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ - උදය ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ – උදය ගම්මන්පිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධනහල් වෙත ඒම තුළ තෙල් සංස්ථාවට තව තවත් පාඩු විඳීමට සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඓOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබූ අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් දක්වා ඉහළ යන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 124ක් දක්වා ඉහළ දමා ඇත.