26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශයේ දී පැනගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිල්ලක්

ප්‍රංශයේ දී පැනගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිල්ලක්

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගොස් පලාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත්දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළ බව යුද හමුදාව පවසනවා.

ප්‍රංශ බලධාරින් විසින් ද ජාත්‍යන්තර පොලිසිය වෙත මම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.

24 වන ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකුයි මෙලෙස තරගාවලිය අතරතුර පලා ගොස් තිබෙන්නේ.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා පසුගිය හතර වනදා ක්‍රීඩකයන් 13දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

එම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාවේ පිරිමි පුද්ගලයන් 5දෙනෙක්, කාන්තාවන් 5දෙනෙක් සහ නිලධාරීන් 3දෙනෙක් ඇතුළත් වුණා.