― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබෙන්තොට පාසල් සිසුවියක් අතුරුදහන්

බෙන්තොට පාසල් සිසුවියක් අතුරුදහන්

බෙන්තොට සිංහරූපාගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්ව තිබෙනවා.

ඇයගේ මව බෙන්තොට පොලිසියට ඊයේ (13) පැමිණිලි කර ඇත්තේ සිය දියණිය සංචාරක හෝටලයක රැකියාවක නිරත තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 10වනදා සිය දියණියට අවවාද කළ බවද ඇයගේ මව විසින් පොලිසියට පවසා තිබෙන බවත් අනතුරුව තමන්ට අසනීප බව පවසා දින 2ක් එම සිසුවිය පාසල් නොගිය බවද මව පවසා තිබෙනවා.

ඊයේ (12) දහවල් සෙසු දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් යළි පැමිණිමේ දි සිය දියණිය නිවසේ නොසිටි බවයි මව පොලිසියට පවසා ඇත්තේ.

තමන් තරුණයෙකු සමඟ බසයකට නැග අතුරුවැල්ලෙන් බසයෙන් බැස ගිය බව අදාල සිසුවිය විසින් ඇගේ මිතුරියක් වෙත දුරකථන ඇමතුමකින් පවසා තිබෙන බව මව පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් සිසුවිය සහ තරුණයා සොයා බෙන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.