― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅධිවේගයේ අනතුරු වළකන්න ඇමති ජොනී කළ දේ

අධිවේගයේ අනතුරු වළකන්න ඇමති ජොනී කළ දේ

මාස 06ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් රියැදුරුට නින්ද යාම හේතුවෙන් අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් බහුතරයක් සිදු වී ඇති බැවින් ඒ සඳහා වාහන නතර කර රියැදුරන්ට මදක් නිදාගැනීමට ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නුඉවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැළඳ ධාවන කිරීම, ජංගම දුරකතනයෙන් කතා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි ක්‍රියා සිදු කළ රියැදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේදී නඩු 79,904 ක් දමා ඇති බවයි.