29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පොළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

ගම්පොළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

ඝාතනය කර වළ දමා තිබිය දී සොයාගත් ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවිවරා නම් 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරණු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් විසින්.

අද (14) දින සිදුකළ එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ෆාතිමාගේ මරණය ගෙළ සිර කිරීමෙන් සිදුවූවක් බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තාවේ සඳහන්.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණියගේ අවසන් කටයුතු ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැලිගල්ල, ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ පොදු සුසාන භූමියේ දී අද (14) පස්වරුවේ සිදුකෙරුණා.

පසුගිය ඉරිදා ෆාතිමා මුනවිවරා නම් 22 හැවිරිදි තරුණිය ඇය සේවය කළ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසැලට යමින් සිටිය දී අතුරුදන් වුණා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදීයි ඝාතනය කර වළදමා තිබූ ඇයගේ සිරුර සොයාගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?