27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාජ්‍ය සේවකයින් හෙට සිට ඇඟිලි සලකුණ තැබීම අනිවාර්යයි

රාජ්‍ය සේවකයින් හෙට සිට ඇඟිලි සලකුණ තැබීම අනිවාර්යයි

රාජ්‍ය සේවකයින් හෙට (15) දිනයේ සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී හා පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.