― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsගංවතුරේ ගමන් කරන් කරමින් සිටි අයෙක් අතුරුදන්

ගංවතුරේ ගමන් කරන් කරමින් සිටි අයෙක් අතුරුදන්

මාවරල පොලිස් වසමේ ආඳළුව පාලම අසල ගංවතුරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 42 ආඳළුව, කිවුල්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා අධික වැසි හේතුවෙන් ගංවතුර ඇති වූ අවස්ථාවේ නිවසට පැමිණෙමින් සිටියදී ආඳළුව පාලම අසල දී දියේ ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.