― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරජයේ සේවකයින්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක්

රජයේ සේවකයින්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක්

මෙම වසරේ ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබාදීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ඇහැලියගොඩ ප්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවති රැස්වීමකට එක්වෙමින්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ගත වූ කාල පරිච්ඡේදය අපේ රටේ ජනතාව මෙතෙක් ගත කළ දුෂ්කරම කාල පරිච්ඡේදයක් බවයි.

“අපි ගත කළේ විශාල දුෂ්කර කාල පරිච්ඡේදයක්. නමුත් දැන් අපේ රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය හා විදේශ සංචිත ඉහළ යමින් තිබෙනවා. මේ වාසිය රටේ ජනතාවට ලබාදීමට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. මෙම වසරේ ඉදිරි මාස හයක කාලය තුළ අපේ ජනතාවට ආර්ථික වාසි රැසක් ලබාදෙනවා. විශේෂයෙන් විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරනවා. ඒ වගේම ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරනවා. ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙනවා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබාදීම ලබන මාසයේ සිට අරඹනවා. එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වගේම බදු සහන ඉල්ලා මේ දවස්වල සමහර අය කෑගහනවා. ඒ අයටත් කියන්නේ ඔවුන් ඉල්ලා සිටි බදු සහනත් අපි රජයක් වශයෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා බදු සහන ලබා දෙන ඉල්ලා කෑ ගහන්නට දැන් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.”