― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවිමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි

විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි

විමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුවේ මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ ද අධිකරණයේ පෙනී සිටියේය.

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවධියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ගොනුකරනු ලැබූවද ඊට අදාළ නඩු විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බවයි.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය එම කාල ප්‍රමාදය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් කඩිනමින් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා ගොනු කරන ලද්දක් බව සඳහන් කර සිටියේය.