― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපියාගේ අතින් පුත්‍රයා අවසන් ගමන් යයි

පියාගේ අතින් පුත්‍රයා අවසන් ගමන් යයි

ඉදුරුව ඇටවලවත්ත එස්.ඕ.එස්. සුනාමි ගම්මානයේ දී පියා සහ පුතා අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසනවා.

මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයකු බවත් නිවසේදී දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පියා නිවසේ තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔහුව බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව ද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටපස් හැවිරිදි සැකකාර පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.