23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි හෘදයාබාධ පරීක්ෂණ කට්ටල තොගයක් භාවිතයෙන් ඉවතට

හදිසි හෘදයාබාධ පරීක්ෂණ කට්ටල තොගයක් භාවිතයෙන් ඉවතට

ඉන්දියාවෙන් ගෙන්වන ලද හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානය පවසන්නේ තත්ත්වයෙන් බාලවීම නිසා මෙලෙස එම කට්ටල භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති වෛද්‍ය චමල් සංජීව අනාවරණය කළේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කළ බවයි.

එහිදී වෛද්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඉන්දියාවෙන් ගෙන්වන ලද ඇතැම් ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පැවති බවයි.