26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාවට කුලී නැවක්

තෙල් සංස්ථාවට කුලී නැවක්

2023 වසරේ ජුනි මස පළමුවනදා සිට වසර දෙකක් කාලය සඳහා කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ කොන්ත්‍රාත්තුව Sri Lanka Shipping Company Limited වෙත ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය හිමි වූ බවයි අද (16) පැවති කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

මෙම යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබුණා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-11-21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙනු ලැබුවා.